පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මධ්‍යම පළාත • මධ්‍යම පළාත් සභාව · ශ්‍රී ලංකාව

අප ගැන

කාර්යයන් සහ වගකීම්

මධ්‍යම පළාත සඳහා කාර්යක්ෂම, සාධාරණ සහ යුක්තිසහගත බදු පරිපාලන ක්‍රමයක්.

නීතියට අනුකූලව බදු සහ ගාස්තු එකතු කිරීම මගින්, නියමිත ඉලක්ක ඉක්මවා මධ්‍යම පළාතේ මහජනතාවගේ යහපත සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාගත හැකි කාර්යක්ෂම, සාධාරණ සහ යුක්තිසහගත බදු පරිපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ වත්මන් අවශ්‍යතා සපුරාලීම සඳහා විධිමත් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම.

අපගේ ප්‍රධාන වගකීම්

  • මධ්‍යම පළාතේ ප්‍රඥප්තිවලට අනුකූලව පළාත් බදු සහ ගාස්තු තක්සේරු කර එකතු කිරීම.
  • බදු සහ ගාස්තු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
  • බදු සහ ගාස්තු සම්බන්ධයෙන් උපදෙස් සහ මඟපෙන්වීම ලබාදීම.
  • බදු සහ ගාස්තු ගෙවීම සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර සහ වවුචර ලබාදීම.
  • මධ්‍යම පළාතේ උකස් ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම.
  • ආදායම් එකතු කිරීම සඳහා කාර්යක්ෂම හා යාවත්කාලීන පරිපාලන ක්‍රියාපටිපාටියක් පවත්වාගෙන යාම.

අවසන් යාවත්කාලීනය: 2026 ඔක්තෝබර් 11

මුද්දර ගාස්තු මාර්ගගතව ගෙවන්න සහ කළමනාකරණය කරන්න

නොතාරිස්වරුන්ට, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලට සහ සේවාලාභීන්ට නිල මාර්ගගත ද්වාරය හරහා ඔප්පු ඉදිරිපත් කිරීමට සහ මුද්දර ගාස්තු පිළිබඳ තොරතුරු බැලීමට හැකිය.

මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය
මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය