පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මධ්‍යම පළාතේ ප්‍රධාන මූල්‍ය අංශයක් ලෙස, පළාතේ තිරසර සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමට කැපවී සිටින බව සතුටින් ප්‍රකාශ කරමි.
මධ්‍යම පළාත මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයෙන් පිරි සාරවත් හා සුන්දර ප්‍රදේශයකි. එබැවින් එහි වටිනා සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර සංරක්ෂණය කිරීම අපගේ ප්‍රධාන අරමුණුවලින් එකකි.
අප සැම අපගේ පළාතේ සෞභාග්‍යය හා සංවර්ධනය ප්‍රාර්ථනා කරන බැවින්, මෙම වෙබ් අඩවිය අපගේ වටිනා සේවාලාභීන්ට අත්‍යවශ්‍ය තොරතුරු ලබාදෙමින්, දෙපාර්තමේන්තුව සපයන සේවා පිළිබඳව වඩා හොඳින් දැනුවත් වීමට ඔවුන්ට අවස්ථාව සලසනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
තවද, මධ්‍යම පළාතේ සෞභාග්‍යයට හා සංවර්ධනයට දායක වීමට සමස්ත ප්‍රජාවටම මෙම වෙබ් අඩවිය වටිනා අවස්ථාවක් සලසයි. අවසාන වශයෙන්, අපගේ පළාතේ සංවර්ධනය වෙනුවෙන් සිය වටිනා මූල්‍ය දායකත්වය ලබාදුන් සැමට මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමි.