පසුබිම
ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 2025 පෙබරවාරි 18 දිනැති අංක PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛය ප්‍රකාර, මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) 2025 නොවැම්බර් 16 දින විධිමත් ලෙස ස්ථාපිත කරන ලදි.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන් සංස්කෘතියක් ගොඩනැගීම.
- ආයතනයේ සියලු ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික භාවිතාවන් හා තීරණ පිළිබඳ තොරතුරු සඳහා මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරසම්පන්න පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර පිළිබඳ වාර්තා කිරීම දිරිමත් කිරීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පද්ධතියක් සංවර්ධනය කිරීම.
- නීතිය බලාත්මක කිරීමේ ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් නීතිය බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ වගකීම් හා කාර්යයන්
- ආයතනය තුළ පවතින පද්ධතිමය බාධක හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කර, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාපටිපාටි සරල කිරීම.
- ආයතනය තුළ දූෂණයට සහ ආචාරධර්ම විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා දූෂණ අවදානම් ඇගයීම් (CRAs) සිදු කර, ඉලක්කගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ පෙළගැස්වීම තුළින් ජාතික දූෂණ විරෝධී අරමුණු සමඟ පූර්ණ අනුකූලතාව සහතික කිරීම.
- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීතිවලට ආයතනය අනුකූල වීම තක්සේරු කිරීම සඳහා නිතිපතා අනුකූලතා සමාලෝචන සිදු කර, වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
- සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් සඳහා වත්කම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතා සමඟ අනුකූල වීම සහතික කිරීම සහ CIABOC රෙගුලාසි හා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණය සහ ආචාරධර්ම විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාරගෙන කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම; එවැනි සියලු පැමිණිලි අදාළ නිලධාරීන් හෝ ඒකක මඟින් කඩිනමින් සම්බන්ධයෙන් කටයුතු කරන බව සහතික කිරීම; සහ විනිවිදභාවය හා වගවීම සහතික කරමින් අදාළ පාර්ශ්ව වෙත නිතිපතා ප්‍රතිචාර ලබා දීම. අවශ්‍ය අවස්ථාවලදී, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය කිරීම සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු CIABOC වෙත යොමු කිරීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවා ඇතුළත් පුරවැසි ප්රඥප්තියක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ප්‍රමිතිගත ආචාරධර්ම සංග්‍රහයක් ඇතුළුව ආචාරධාර පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්මවලට කැපවීමට සේවකයන් දිරිගැන්වීම සඳහා පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී අඛණ්ඩතා ඇගයීම සඳහා ආයතනික කේන්ද්‍රීය සම්බන්ධීකරණ ස්ථානය ලෙස කටයුතු කිරීම සහ CIABOC සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් ලබා දෙන මාර්ගෝපදේශ අනුව ආයතනය අඛණ්ඩතා ඇගයීම් ක්‍රියාවලියට සහභාගි වන බවත් එම ක්‍රියාවලිය සමඟ පෙළගැසෙන බවත් සහතික කිරීම.
- ඒකකයේ රාජකාරි ඉටු කිරීමේදී අඛණ්ඩ මාර්ගෝපදේශ හා සහාය ලබා ගැනීම සඳහා CIABOC සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්‍යන්තර කටයුතු ඒකකයේ ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මූලාරම්භයන්හි ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී හා වාර්ෂික වාර්තා සකස් කිරීම.
- අඛණ්ඩතා සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකත්ව සංයුතිය
අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී
- කේ.සී.කේ. අබේකෝන් මිය - ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු
සාමාජිකයින්
- එස්.ඒ.එස්.පී. සේනාරත්න මයා - තක්සේරුකරු
- ජී.ඩබ්.එම්. සෝමරත්න මයා - තක්සේරුකරු
- ඒ.ආර්.එස්.ටී.බී. අලහකෝන් මයා - ජ්‍යෙෂ්ඨ බදු නිලධාරි
- ජී.ඩබ්.එන්. කුමාරි මිය - ජ්‍යෙෂ්ඨ බදු නිලධාරි
- යූ.ජී.පී.එස්. වීරසිංහ මයා - ජ්‍යෙෂ්ඨ බදු නිලධාරි
- ඩී.එම්.ඊ.පී.එම්. දිසානායක මිය - ජ්‍යෙෂ්ඨ බදු නිලධාරි
- ටී.එම්.ආර්.වී. තෙන්නකෝන් මයා - බදු නිලධාරි
- එච්.එම්.එස්. සෙනවිරත්න මෙය - බදු නිලධාරි
- අයි.එල්. පහලවත්තගේ මිය - සංවර්ධන නිළධාරි
- ඩී.ජී.ඩී. අනුරුද්ධිකා - කළමනාකරණ සේවා නිලධාරි (මුදල් සහකාර)
අවසන් යාවත්කාලීනය: 2026 නොවැම්බර් 23