පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මධ්‍යම පළාත • මධ්‍යම පළාත් සභාව · ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ වෙයි

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ වෙයි | පළාත් ආදායම් දෙපාර්තමේන්තුව – මධ්‍යම පළාත

මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන 2026 නොවැම්බර් 02 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ඒ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර, විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම වැඩසටහනට සමගාමීව මුද්දර ගාස්තු ගෙවීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය (Online Stamp Duty Portal) ගරු ආණ්ඩුකාරවරයා විසින් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා නිල වශයෙන් විවෘත කරනු ලැබීය. මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මුද්දර ගාස්තු අයකර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, නොතාරිස්වරුන්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල සහ බැංකු අතර යහපත් අන්තර් සම්බන්ධීකරණයක් ඇති කිරීම තුළින් මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය ඉහළ නැංවීමත්, වංචා හා දූෂණ අවම කිරීමත් මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කෙරේ.

තවද, ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ඉටු කරන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින් හා මෙම වැඩසටහනේ කාර්යක්ෂමතාව ඉහළ නැංවා ගැනීමේ අරමුණින් එම ආයතන වෙත පරිගණක ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) මංජුල ඒකනායක මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම් වරුණ මියනදෙණිය මහතා, මධ්‍යම පළාත් සහකාර ඉඩම් කොමසාරිස් තරංගා කවිරාජ් මහත්මිය, මහනුවර, කුණ්ඩසාලේ, ගම්පොළ, මාතලේ සහ නුවරඑළිය සහකාර ඉඩම් කොමසාරිස්වරුන්, මහජන බැංකුව සහ ලංකා බැංකුව නියෝජනය කරමින් නිලධාරීන්, නීතිඥ සංගම් නියෝජිතයන් මෙන්ම මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන මඟින් රජයේ නව ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් මධ්‍යම පළාතේ මුද්දර ගාස්තු ගෙවීමේ සේවාව වඩාත් කාර්යක්ෂම, විධිමත් සහ ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඡායාරූප උපුටා ගැනීම - Kandy Media Unit News, Media – Unit Central-Province 

වැඩිදුර කියවන්න

https://revenue.cp.gov.lk/si/news/stamp-duty-digitalization/                 

https://www.facebook.com/share/v/14tnmb3FCKA/

https://www.facebook.com/share/p/1SCYroLib3/

https://www.facebook.com/share/p/1EziLJprGJ/

https://www.facebook.com/share/1NXj4s2S49/

https://www.facebook.com/share/v/1FSxWYhtbG/                 

https://www.facebook.com/share/1EqY2aCR82/?mibextid=wwXIfr                   

https://www.facebook.com/share/1L1aoQTYVg/

https://www.facebook.com/share/p/19xL9NQFnJ/

← පුවත් වෙත ආපසු

මුද්දර ගාස්තු මාර්ගගතව ගෙවන්න සහ කළමනාකරණය කරන්න

නොතාරිස්වරුන්ට, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලට සහ සේවාලාභීන්ට නිල මාර්ගගත ද්වාරය හරහා ඔප්පු ඉදිරිපත් කිරීමට සහ මුද්දර ගාස්තු පිළිබඳ තොරතුරු බැලීමට හැකිය.

මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය
මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය